පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු අකුණු සන්නායක කොටස් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එම අකුණු සන්නායක කොටස් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදී වී.ඕ.සී ලෙස සඳහන්ව ඇති තඹ තැටියක් දිග අඩි 71 කින් යුතු තඹ පටියක් සහ අඩි 03 ක් පමණ දිග ඇන්ටනාවක් පොලීසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පූගොඩ, බානගලවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.
ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කඩවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discussion about this post