ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලන් සිව්දෙනෙකුගේ රුව අැතුලත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර නිකුත් කිරීමේ වැඩපිලිවෙල යටතේ මෙම සමරු මුද්දර නිකුත් කරන බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය පැවසුවේ.
ශ්‍රී ලංකා කළු ඉසැයි කොණ්ඩයා,ශ්‍රී ලංකා වන රැවියා,ශ්‍රී ලංකා පිට තඹලයා හා ශ්‍රී සිළුකවුඩා මෙම සමරු මුද්දර සදහා ඇතුලත් කර තිබෙනවා.
මුද්දර කාර්යාංශය මගින් වාර්ශිකව ස්වභාව සෞන්දර්ය හා වනජීවින් යන තේමාව යටතේ සමරු මුද්දර නිකුත් කරනු ලබනවා.මේ වසර වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දර පෙල මෙය බවයි පැවසෙන්නේ.රුපියල් 4/10/15/35 යන වටිනාකම් වලින් මෙම මුද්දර නිකුත් කරනු ලබනවා.
අද (16) දිනයේදි තලවතුගොඩ දියසරු තෙත් බිම් උද්‍යානයේදි මෙම සමරු මුද්දර නිකුත් කිරීමට නියමිතයි.
Discussion about this post