නව කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට විදේශ රැකියා අමාත්‍ය ධුරය හිමි වීමට නියමිතයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට කටයුතු කරනුයේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙසයි. එම අමාත්‍ය ධූරයට අමතරව හරීන් ප්‍රනාන්දු මහතාට විදේශ රැකියා අමාත්‍ය ධුරය ද ඒ අනුව හිමිවනු ඇති.
නව කැබිනට් සංශෝධනය ලබන ඉරිදා සිදු වන ඇති. ඒ අනුව මෙම දිවුරුම් දීම එදින උදෑසන 11.00ට සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ හරීන් ප්‍රනාන්දු මහතාට පක්ෂයේ ප්‍රබල තනතුරක්ද ලැබීමට නියමිත බව ද වාර්තා වෙයි.
Discussion about this post