නිති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනු ලැබූ ග්ලයිෆොසේට් වල් නාශක කිලෝ ග්‍රෑම් දහසක් පෑලියගොඩ රේගු අංගණයේ තිබී සොයාගෙන තිබෙනවා.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී ග්‍රෑම් සියය බැගින් අඩංගු ග්ලයිෆොසේට් පැකට් දසදහසක් සොයාගත් බව රේගුව සඳහන් කළා.
නූල් ගෙන්වන බවට පවසා වංචනික ලෙස මෙම ග්ලයිෆොසේට් තොගය මෙරටට ගෙන්වා ඇති බව සදහන්.
ඊට අමතරව අදාළ බහලුම තුළ තිබී දුම්කුඩු කිලෝ ග්‍රෑම් 350ක් ද, බීඩි520,000ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
පාවහන් යුගල 600ක්ද එහිදී සොයාගත් බව රේගුව පවසයි.
මෙම සියලු ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 84කට අධික බව දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් රේගුව පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා
Discussion about this post