වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් දිවයින පුරා තොරණ රැසක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව ගොඩගම එක්සත් වෙළද සංගමය 8වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙන අතර එහි නිරූපනය වන්නේ මහා භද්‍ර කල්පයයි.
හෝමාගම එක්සත් වෙළද සංගමය 24වන වරටත් ඉදිරිපත් කරන කුණ්ඩල කේශි චරිතාප්‍රදානය නිරෑපනය කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරේ.
එසේම ජීවක අඹ වනයේ සුභා භික්ෂුනියගේ කථා වස්තුව නිරූපනය කෙරෙන තොරණ මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ මහරගම වෙළද සංගමයයි. කොට්ටාව බස් නැවතුම්පලේ වෙසක් තොරණද මෙවරත් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මාළඹේ එක්සත් වෙළද සංගමය 10වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කරන අතර එහි නිරූපනය වන්නේ කිසාගෝතමී චරිතාප්‍රදානයයි.
දයා සමූහ ව්‍යාපාරය 14වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවර පැපිලියානේදි ප්‍රදර්ශනය කරනු ලැබේ.
පිටකොටුව බෝධිරාජාරාම එක්සත් සමිතිය 24වන වරටත් ඉදිරිපත් කරන තොරණේ මෙවර නිරූපනය වන්නේ ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චරිතාප්‍රදානයයි.
කොටුව , මැනිං වෙළදපලේ පරිශ්‍රෙය්දිද වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
වැලිකඩ – රාජගිරිය එක්සත් වෙළද සංගමය 10වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරෙන අතර එහි නිරූපනය වන්නේ මහා මයුර ජාතකයයි.
දෙමටගොඩ එක්සත් වෙළද සංගමය 44වන වරටත් සංවිධාන කරන වෙසක් තොරණේ මෙවර නිරූපනය වන්නේ කාලි යක්ෂණියගේ කතා වස්තුවයි.
මේ අතර මහනුවර වෙළද ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන වෙසක් තොරණ මෙවරත් මහනුවර මධ්‍යම වෙළදපල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
Discussion about this post