මව් සෙනෙහස පිලිබදව ලෝකයේම අවධාණය යොමු කරන ලෝක මව්වරුන්ගේ දිනය අදයි.
උත්තරීතර මව් සෙනෙහසේ ගුණ රුවින් මුළු ලෝකයම ලස්සන කරන මව්වරුන් සිය ජීවිතයෙන් වැඩි ඉඩක් තම ආදරණිය දරුවන් වෙනුවෙන් වෙන් කරනවා. එක්දිනකට සිමා නොවන අසීමාන්තික මව් සෙනෙහස සිහිපත් කරන්නට අද(13) දවසේ කටයුතු කෙරුනත් උතුම් මාතෘත්වයේ අගය සිහිපත් කරන්නට අපේ ජීවිතය ද ප්‍රමාණවත් නොවන වග සිහිපත් කළ යුතුයි.
බඩට තුන්වේල නොකා හරි දරුවන්ගේ කුසගිනි නිවන අම්මාලා තමයි අපේ රටේ ඉන්නේ. දෙන්න පුළුවන් හොදම දේ දීලා දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින්නයි මේ අම්මලා හින දකින්නේ.
නැති බැරි කම නිසා සමහර අම්මලාට දරුවට දෙන්න ඉතුරු වෙන්නේ තමන්ගේ උණුසුම විතරයි.
ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 දක්වා ඈතට දිව යනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන සතියේ ඉරිදාව ලෝක මව්වරුන්ගේ දිනය ලෙසින් සැමරනු ලබනවා.
Discussion about this post