ශ්‍රී ලංකාවේ දී වසර 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරිපත් වීමට සූදානමින් සිටි නමුත් ඔහුගේ අපේක්‍ෂකත්වය අහිමි වී ඇත.
SL NEWS LINE වෙත වාර්තා වන පරිදි ඉකුත් අඟහරුවාදා (22) මෙම තීරණය ලැබී තිබේ.
ඊට හේතුව වන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකාවේ පුරවැසිභාවය ලැබී තිබීමය. එම පුරවැසිභාවය අහෝසි කරන මෙන් අමෙරිකා රජයෙන් රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් කර තිබුණි. නමුත් එම ඉල්ලීම අමෙරිකාව ඊයේ(22) ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තත්ත්වයත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්‍ෂකත්වය අහිමිවනු ඇත.
රාජපක්‍ෂ මහතාගේ මෙම ඉල්ලීම යළි සළකා බැලීමට තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවට ද අමෙරිකානු රජය දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේ දී මෙරට ජනාධිපතිවරණයට තරග කිරීම වෙනුවෙන් අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කර ගැනීම සඳහා බිම්මට්ටමේ දේශපාලන නායකයින් හා ක්‍රියාකාරීන් සමග සාකච්ඡාවාර රැසක් පවත්වා තිබුණි.
එමෙන්ම නුගේගොඩ මිරිහානේ පිහිටි ඒ මහතාගේ නිවස ද දේශපාලන පක්ෂ කාර්යාලයක් බවට පත්ව තිබුණි. දෛනිකව එම නිවසේ දී විවිධ දේශපාලන නියෝජිතයින් හා සංවිධාන නියෝජිතයින් හමුවී ඉදිරි දේශපාලන ගමන් මග සාකච්ඡා කරමින් පැවැති මෙහොතක මෙම අමෙරිකානු තීරණය ලැබී ඇත.
පසුගිය කාලයේ දී ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ අවස්ථා ගණනාවකදී මාධ්‍යවේදීන් විමසා සිටි නමුත් ඔහු ඒ පිළිබඳ ඍජු පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.
2020 ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තරග කළ නොහැකි බැවින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර තිබුණි.
ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමට සුදානම් දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට හිටපු ඔහු ඊට පිළිතුරු දුන්නේ “තාම නැහැ” යනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි විමසු විට ඔහු පැවසුවේ “බැහැනේ මම අමෙරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ,” යනුවෙනි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීමට නොහැකිය.
මේවන විට ගෝඨාභය රාජපක්ෂ මහතා 68වන වියෙහි පසුවේ.
Discussion about this post