එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්වේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රභලයෙක් ද මේ සමග සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කළකිරීම හා පක්ෂය තුළ සිදු කළ නව ප්‍රතිංසවිධාන වැඩපිළිවෙලට විරෝධය දැක්වීමක් ලෙස ප්‍රධාන වශයෙන් මෙම තීන්දුව ඔවුන් විසින් ගෙන තිබේ. මීට අමතරව මලික් සමරවික්‍රම, කබීර් හෂිම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර යන ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සහ නිරන්තරයෙන් පක්ෂ නායකත්වය සෑම කටයුත්තකදීම ඔවුන්ගෙන් උපදෙස් පැතීම මෙම පිරිසගේ දැඩි කණස්සල්ලට හේතු වී ඇත.
එසේම එජාපයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් නිසි දේශපාලනික ගමන් මගක් නොමැති වීම ද මෙම පාර්ශවයන්ගේ දැඩි දෝෂ දර්ශණයට ලක්ව ඇතැයි සදහන් ය.
කෙසේ නමුත් මෙම මන්ත්‍රීවරුන් විසිදෙනා විපක්ෂයේ අසුන් ගතහොත් එය ආණ්ඩුවේ මන්ත්‍රී සංයුතියට ද බලපෑම් එල්ල කරනු ලබන සාධකයක් වනු ඇත.
අදාළ මන්ත්‍රීවරුන් විසිදෙනා මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් ම පසුගිය වකවානුව තුළ සිදු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ. එසේම පසුගිය සිකුරාදා(01) දිනයේ ද මේ සම්බන්ධයෙන් විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි සදහන් වේ.
2015 වසරේ ජනවාර් 08වනදා යහපාලන රජය පිහිටුවමින් දුෂිතයන් ඇල්ලීමේ ප්‍රමුඛ අරමුණ ඇතිව ඇරඹූ ගමන තුළ තවමත් සොරුන් නිදැල්ලේ පසුවීම පිළිබදවද මෙම මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරීමට ලක්ව ඇත.
මෙලෙස විපක්ෂයේ අසුන් ගන්නා එජාප මන්ත්‍රී පිරිස ඉදිරියේ දී මීට වඩා වැඩි වීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මන්ත්‍රීවරුන් ගෙන ඇති තීරණය නතර කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. නමුත් අදාළ මන්ත්‍රීවරුන් තවමත් ඔවුන් ගෙන ඇති දැඩි තීරණය තුළම සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනු ලැබේ.
Discussion about this post