රටේ ජනතාවට තිබෙන දහසකුත් එකක් ප්‍රශ්න අතරේ, තම සහෝදර වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර සොයා දීමට සිදුව ඇත. නොමැතිනම් එහි ප්‍රතිපල ඉතා හානිදායක ලෙස දැනීමට පටන් ගෙන ඇත.
වෛද්ද්‍ය වරුන්ගේ සුලබ වැඩ වර්ජන රජයට එරෙහිව, එහෙත් තැලෙන්නේ නැති බැරි එකාය. දුම්රිය සේවක වර්ජනය තම සහොදර සේවකයන් අතරේ ඇති වැටුප් විෂමතාවක්ය, ප්‍රශ්නය රජයත් සමගය, ගේම ඉල්ලන්නේ එදිනෙදා දුම්රියේ යන මගින් සමගය.
ශිෂ්‍ය, තෙල්, රෝහල්, විදුලි, උද්ගෝෂණ වලදීත් වැඩිපුර විදවන්නේ සාමාන්‍ය ජනතාවය.
ප්‍රතිපලය, එදිනෙදා වේල සොයා ගන්නා අය තව තව තැලී පොඩිවී යාමය.
මිනිසුන්ට මෙය හොදටම එපාවී තිබේ, ආණ්ඩු එපා වු විට අවුරුදු පහකින් වත් ඔවුන් පන්නාගත හැකි නමුත්, රජයේ ආයතනයන්වල ඇති අකාර්යක්ෂම බවට අමතරව, සාමාන්‍ය මිනිසුන් පෙළනා වර්ජන වලින් පසුව, ඔවුන් එපා උවත් පන්නා ගත නොහැක.
එයට හොද බෙහෙතක් මිනිසුන් අත්හදා බලමින් ඇත, ඒ තමන් පිඩාවට පත් කරන එකා වටකර පහරදීමය. දුම්රිය සේවකයන්ට අදවූ දේ, හෙට වෛද්ද්‍ය, ශිෂ්‍ය, බස්, තෙල්, විදුලි ඇතුළු මෙකි නොකී අංශවල අයට අත්දකිනට සිදුවනු ඇත, පාර්ලිමේන්තුව දක්වා එය යනවා සිකුරුය.
වර්ජන යල් පැන ගිය ක්‍රමයකි, එයින් තම පන්තියේ එකාටම කෙලවන බව තේරුම් ගත යුතුය. රෝහල් වර්ජන කරන විට, දුම්රියේ, වරායේ,තෙල්, ශිෂ්‍ය, අයගේ නෑයෙක්, හිතවතෙක් අසනීපවී රෝහල් ගතකර ඇති විට මෙය බොක්කට තේරුම්යයි. දුම්රිය වර්ජන කරන විට, රෝහලේ වැඩ වරපු උන් දුම්රියේ උන්ගේ මව් ගුණ ගයන්නේ එසේමය. ගුරුවරු වැඩවරණ විට හැම එකාගේම දුවාදරුවන්ට වන හානිය මහත්ය.
සැබෑ ප්‍රශ්නය ආණ්ඩුවත් ඒක්කය, එහෙත් ආණ්ඩුවේ උන්ට වර්ජන වලින් දැනෙන්නේ නැතිය, උන්ගේ රෝහල් පිටරටය, නැත්නම් ගෙවන රෝහලය, දරුවන් ජාත්‍යන්තර පාසල්වලය, ගමන ප්‍රාඩෝ වලය, විදුලිය ජෙනරෙටරයෙනි.
වර්ජන වෙනුවට නව ආදේශකයක් සොයා ගත යුතුය, එය තම සහෝදරයාට කෙළවෙන එකක් නොව, උගේ සපෝර්ට් එකට එන එකක් විය යුතුය. ටිකට් නැතුව බස්, දුම්රිය ධාවනය, පොත අත්සන් නොකර රාජකාරි කිරීම, නඩු දැමීම, දේශපාලන රැස්වීම් වර්ජනය, අදාල ඇමතිවරයාගේ ගේ දොර වැටලීම, උඩට දැනෙන සහ පහලට හැගෙන දේවල් අත්හදා බැලිය යුතුය.
එහෙම නැතුව අප රට අප විසින්ම අරාජික කල යුතුද,??. නැත, ආණ්ඩුව හදනකන් බලා නොසිට, යමක් කල යුතුය, රෝහල් මිනිසුන්ට ප්‍රසන්න කල යුතුය, බස්, දුම්රිය වෙලාවට, පහසුකම් සහිතව ධාවනය කල යුතුය, කොටින්ම වර්තිය ඓතිවාසිකම් ඉල්ලන්න පෙර, වෘර්තිය යුතුකම ඉෂ්ට කල බවට සහතික විය යුතුය.
එවිට වර්ජකයන්ට පහරදෙනු වෙනුවට, වර්ජකයන් සමග අත්වැල් බැදගත් ජනතාවක්, ප්‍රශ්න ඇති කරනු වෙනුවට ප්‍රශ්න විසදන එකමුතුවක්, කුට දේශපාලකයන්ගෙන් තොරව බිහිවනු ඇත.
සටහන :- සනත් තන්තිරිගේ
Discussion about this post