පන්සල්වල පින් පෙට්ටි ගැන කතා කළ, ඊට අත තැබූ ලොව එකම ආණ්ඩුව අපේ රටේ පවතින වර්තමාන ආණ්ඩුව බවත් අපේ රටේ පන්සල්වල පින් පෙට්ටියට වැටෙන සතේ ගැන පවා කතා කරමින් භික්ෂු පරපුරටම ඔවුන් නින්දා කළ බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් 02 වැනිදා හෝමාගම දී පැවසීය.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ යුතුකම සංවාද මණ්ඩපය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ උන්වහන්සේ,
‘‘අද පවතින්නේ යහපාලනය හවුසින් ඇන්ඩ් ප්‍රොපටි සේල්ස් කම්පැනි එකක්. මේකේ වෙන්දේසිකාරයෝ ගොඩක් ඉන්නවා. අපිට උසාවි බඩගාන්න සිද්ධ වුණා දිගින් දිගටම. මේ සිංහල ජනතාව නැගිට්ටුව ගන්න හරි අමාරුයි. ඒ නිසා අපි අතළොස්සක් එකතු වෙලා හැමතිස්සෙම නෙමෙයි පුළුවන් තරම් නීතිය හමුවේ පෙනී සිටලා ඒවට මුහුණ දුන්නා. නමුත් අද වන විට නීතියට පරිබාහිරව නීතියත් නමලා කටයුතු කරන්න මේ ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවා. හැම දෙනාම සියල්ල ගැන හිතලා ලබන 16 වැනිදා කටයුතු කළ යුතුයි.
මේ වත්මන් අාණ්ඩුව දිගින්ද දිගටම භික්ෂුවට අපහාස කළා. මල්වත්තේ මහනායක හාමුදුරුවන්ට අස්ගිරිය හාමුදුරුවන්ට නින්දා අපහාස කළා. කාදිනල්තුමාට නින්දා අපහාස කළා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙනවා කියලා. දැන් මේ දවස්වල ඒ මොකවත්ම සිදු නොවුණු ආකාරයට තමයි ඒ උදවිය වේදිකාවල කතා කරන්නේ. පරණ ඒවා ටික එහෙම්ම තියෙනවා මේස උඩ. හැබැයි එතකොට අපට නින්දා කරපුවට කවුද වග කියන්නේ. අපට අපහාස කරපුවට. අපිට ඒ නිසා බරපතළ ප්‍රශ්නයක් ආර්ථික වශයෙන් අපට ගහලා පන්සල බිමට වට්ටන්න කටයුතු කළා. දැන් මහ ලොකුවට බුද්ධාගම ගැන කතා කරනවා. බුදු දහම ගැන කතා කරනවා මහානායක හිමියන්ට ස්වාමීන් වහන්සේලාට නින්දා අපහාස කරලා. බුදු දහම ගැන කතා කරනවා බෞද්ධ සංස්කෘතිය පාසල්වලින් විශ්වවිද්‍යාල පාඨමාලාවලින් ඉවත් කරලා. පුරා විද්‍යා විෂය වෙනස් කරලා. මහගමසේකරයන්ගේ රත්නදීප ජන්ම භූමි කියන ගීතය පොතපතින් ඉවත් කරලා. ධර්මපාලතුමාගේ චරිතය අයින් කරලා. එස් මහින්ද හාමුදුරුවන්ගේ නිදහසේ කවි දැහැන කියන කවි පන්තිය අයින් කරලා. ඒ පොතට බුදු දහමත් එක්කම ඉස්ලාම් දහමත් දාලා. හොඳ පෘට්සැලඩ් එකක් හදලා දෙන්න හදනවා අපට. පුළුවන්ද අපට මේවා බලාගෙන ඉන්න. ඔබේ දරුවා ඒ තත්ත්වයට වැටෙනවට කැමතිද?
මේ රටේ මහා සංස්කෘතික විප්ලවයක්, චින්තන විප්ලවයක් කළ යුතුව තිබෙනවා. ඒ නිසා 16 වැනිදා ගන්න තීරණය ඔබේ දරුපැටව් ගැන හිතන්න. වෙන මොනවත් ගැන හිතන්න එපා මේක මගේ රට වෙනුවෙන් ගහන කතිරයක් කියලා හිතන්න. ඒකයි කරන්න ඕන යුතුකම.’’
Discussion about this post