2012 ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමාට අපූරු ප්‍රතිවාදියකු මුණගැසුණේ ය. කලක් ඩිමොක්රැටික් සාමාජිකයකුව සිටි එකී අපූරු ප්‍රතිවාදියා ඉන්පසුව රිපබ්ලිකන් මතවාදියකු ද විය. මොහු තමන්ව හඳුන්වාගත්තේ ‘ශ්‍රේෂ්ඨ පණුවා’ යන නමිනි. ඒ ඇමෙරිකාවේ අනෙකුත් සියලු දේශපාලකයන් ‘නිකන්ම නිකන් පණුවන්’ වන බව කියමිනි.
මෙකී ‘ශ්‍රේෂ්ඨ පණුවා’ 2012 ජනාධිපතිවරණයේ ‘අපූර්වතම’ අපේක්ෂකයා වූයේ, ඔහු තමන්ව හඳුන්වාගත් ආකාරය නිසා හෝ විශාල පරිමාණයේ ‘බූට් එකක්’ හිස පැලඳගෙන සිටීම නිසා ම නොවේ. ඒ ඔහු ‘ජනාධිපති වීමෙන් පසුව කරන්නේ යැයි කියූ දේවල්’ නිසා ය. විටෙක ඔහු කීවේ, තමන් ජනාධිපති වූවායින් පසුව සෑම පවුලකට ම ‘පෝනියෙකු’ බැගින් නොමිලේ ලබා දෙන බව ය. එමෙන් ම අධික ලෙස රෝගාතුර වූවන්ට ‘කැනඩා සංචාරයක්’ වෙනුවෙන් ‘ටිකට්පත බැගින්’ නොමිලේ ලබා දෙන බවය. මේ අතර මොහුගේ තවත් ‘පොරොන්දුවකින්’ කියැවුණේ, තමන් ජනාධිපති වුවහොත්, ‘සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ දත් බෙහෙත් දෙන බව’ ය
2019 අපේ (ශ්‍රී ලංකා) ජනාධිපතිවරණය සඳහා ද එවැනි ‘ශ්‍රේෂ්ඨ පණුවෙකු’ ඉදිරිපත් වී සිටින බව දැන් දැන් මුළු රට ම දනී. ඒ අන් කිසිවෙකුත් නොව, ‘සජිත් ප්‍රේමදාස’ ය.
තමන් ජනාධිපති බවට පත්වූවායින් පසුව, පාන්දර හතරේ සිට රාත්‍රී දොළහ තෙක් වැඩ කරන බව, ජනාධිපති කාර්යයාලය විසි හතර පැයේ ම විවෘතව තබන බව, සෑම රණවිරුවකුගේ ම දෙපතුල ළඟට යන බව, රටවැසියන් සතුටින් සිටීද යන්න පරීක්ෂා කර බැලීමට තමන් ම රෑට රෑට නිවෙස් වෙත එබිකම් කරන බව, අවශ්‍ය තැනට පවුල් සෞඛ්‍ය සේවිකාව යොමු කිරීම වෙනුවෙන් ‘බොත්තම් ඔබන’ බව, පාසල් ළමුන්ට නිල ඇඳුම සහ දිවා ආහාරය නොමිලේ දෙන බව ‘ශ්‍රී මුඛයෙන්’ දෙසා වදාරණ ‘සජිත් ප්‍රේමදාස’ දුන් ‘අලුත්ම පොරොන්දුව’ අන් සියලු පොරොන්දු අබිබවා ගියේ යැයි කිව හැකි ය. එනම් ‘සනීපාරක්ෂක තුවා‘ නොමිලේ ලබාදෙන බව ය.
ප්රගතිශීලී කාන්තාවන්, පිරිමින් පවා එය ‘ඉහළින් අගයනු’ දක්නට ලැබුණු නමුත් පැති ගණනාවකින් එය සජිත්ගේ පොරොන්දු ලැයිස්තුවේ එන ඉතාම පටු සහ නරකම පොරොන්දුව විය හැකි ය.
එක් අතකින්, එය ‘කුසගින්නේ සිටින අයෙකුට මාළුවෙකු දීම වෙනුවට මාළුවෙකු අල්ලාගන්නා ආකාරය ඔහුට උගන්වන්න…’ යන ඓතිහාසික ආප්තය බිඳ දමයි. ඒ අර්ථයෙන් ගත් කල දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය කාන්තාව විසින් ප්‍රවර්ධනය කරමින් සිටින ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ’ ව්‍යායාමයන්ට සජිත් අතින් වැදී ඇත්තේ දැවැන්ත ‘කුළුගෙඩි’ පහරකි. මන්ද රටක් හැටියට අප මෙතෙක් කටයුතු කළේ, කාන්තාවන්ගේ ආර්ථික හැකියාවන්, සමාජ සහ දේශපාලන හැකියාවන් ඉහළ නංවන ආකාරයන් ගැන ය.
දිළිඳුකම පිටුදැකීමේ සමෘද්ධි සංවර්ධන වැඩසටහන්, දිවිනැඟුම වැඩසටහන් මෙන්ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි රාජ්‍ය අංශයේ ව්‍යාපෘති මෙන් ම රාජ්‍ය නොවන අංශයේ විවිධ ව්‍යාපෘතිත් පෙනී සිටියේ ඒ වෙනුවෙනි. විශේෂයෙන් ම තිරසර වශයෙන් කාන්තාවන්ගේ දුගී බව තුරන් කිරීම කෙරෙහි ය. ඒ ඔස්සේ රටක් හැටියට අප කාන්තාවන් අතර අති දක්ෂ ව්‍යවසායකයන්, ස්වයං රැකියා ලාභිනීන් බිහි කළ අතර සජිත්ගේ ‘නිකං පෑඩ් පොරොන්දුව’ යළි ඔවුන්ව ‘හිඟමනට ඇදගෙන යාමට’ සමාන ය.කෙසේවෙතත්, ඇතැම් අභිමානවත් සහ ප්රගතිශීලී කාන්තාවන් ‘මුහුණු පොත’මෙම පොරොන්දුව විවේචනය කරමින්, ‘‘තමන්ට හිඟන්නන්ට මෙන් සලකන්නට එපා…!, ආණ්ඩුවෙන් පෑඩ් ගැනීමට අපේ කාන්තාවන් පෝලිං වල රස්තියාදු කරවන්න එපා…!’’ වැනි සටහන් තබනු දක්නට ලැබුණු අතර තවදුරටත් ‘යැපීම් මානසිකත්වයේ ලගින’ කාන්තාවන් එය අගය කරනු දක්නට ලැබුණි.
Discussion about this post