ජාතික විගණන කාර්යාලයේ පුරප්පාඩු 300ක් මෙතෙක් පුරවා නැති නිසා ඔවුන්ට පැවරී ඇති රාජකාරි කටයුතු ඉටු කිරීමේදී මහත් බාධා හටගෙන ඇතැයි ඔවුන්ගේ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.
පුරප්පාඩු 300ක් පැවතීමේ ප්‍රශ්නය, ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා වන විටත් නිරාකරණයවී නොතිබුණු බව ඉකුත් සිකුරාදා (01 වැනිදා) විගණකාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කළ විගණන වාර්තාවේ දැක්වේ.
පුරප්පාඩු, 2018 වසරේ සිට පවතින බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.
විගණකාධිපතිවරයා සඳහන් කරන අන්දමට පසුගිය අගෝස්තු 01 දින වන විට අතිරේක විගණකාධිපති තනතුරු තුනක් අනුමත වී ඇතත් එම තනතුරු තුනම පුරප්පාඩුව පවතී.
නියෝජ්‍ය විගණකාධිපතිවරුන් පහළොස් දෙනකු සිටිය යුතු අතර දැනට සිටින්නේ එකොළොස් දෙනෙකි. සහකාර විගණකාධිපති තනතුරු 16ක්ද, විගණන අධිකාරි තනතුරු 78ක් සහ විගණක පරීක්ෂක තනතුරු 173ක් පුරප්පාඩුව පවතී. මාණ්ඩලික නිලධාරී තනතුරු 5ක්, රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරු 12ක් සහ ජ්‍යෙෂ්ඨ සේවකයන් 09ක්ද පුරප්පාඩුව පවතින බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා ඇත.
Discussion about this post