දිනෙන් දින වැඩිවන ඇළුමිනියම් ගෘහ භාණ්ඩ භාවිතය හේතුවෙන් මැටි වළං භාවිතයට ගැනීම ක්‍රමිකව අඩුවෙමින් පවතින බව නාඋල – දොඩංඅත්තාවල කුඹල්කරුවෝ කියා සිටිති.
මාතලේ දිස්ත්‍රික්කයේ විශාලතම කුඹල් කර්මාන්තය වන දොඩංඅත්තාවල වළං ගම්මානය තුළ නිෂ්පාදනය වන වළං දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල අලෙවි කරනු ලබයි. ශරිර සෞඛ්‍යට වඩාත් හිතකර මැටි වළං මිලදී ගැනීම පසෙක ලා බොහෝ පිරිස් ඇලුමීනීයම් භාණ්ඩ මිලදී ගැනීම සිය කර්මාන්තය ඉදිරියට කරගෙන යෑමට සෘජුව බලපා ඇතැයි කර්මාන්තකරුවෝ කියා සිටිති.
කර්මාන්තකරුවන් රැසක් දෛනිකව නිෂ්පාදනය කරනු ලබන වළං නාඋල සතිපොළ ප්‍රධාන කරගනිමින් අලෙවි කරන අතර මේ වන විට වළංවල අලෙවි තත්ත්වය පහත වැටී ඇති බව ඔවුහු කියා සිටිති.
චාරිත්‍ර ඉටුකිරිම්වල දී කුඩා වළං රැගෙන යාම, මැටි පහන් මෙන්ම විවිධ විසිතුරු නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයන්ගේ අවධානය යොමු වී ඇති බව කියා සිටින වළං කර්මාන්තකරුවන් කියා සිටියේ කුස්සියේ උපකරණ වන හැලි වලං හා ඉතුරුම් කැට, කොරස්, නෑඹිලි, මැටි කෝප්ප, රොටී කබල්, ගුරැලේත්තු, මල් පෝච්චි, කරමූඩි, ලොකු හැලි, කල ගෙඩි වැනි ගෘහනියන්ට අවශ්‍ය බොහෝ මුලුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීමට පාරිභෝගිකයින් උනන්දු නොවන බවයි.
ඉහත කී උපකරණ ඇලුමිනියම්වලින් වෙළෙදපොළට පැමීනීමත් සමග ඒවා මිලදී ගැනීමට පාරිභෝගිකයෝ හුරුවී සිටිති. නිරෝගීමත් භාවයෙන් යුතු මැටි ආශ්‍රීත නිෂ්පාදන මිලදී ගැනීම සදහා සමාජය දැනුවත් කිරිමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ වැදගත් කම පෙන්වා දෙන දොඩංඅත්තාවල වළං කරුවෝ අවධාරණය කරන්නේ සිය මැටි වළං භාවිතයට ගැනීම සදහා උනන්දු කරවීම බලධාරින්ගේ වගකීමක් බවයි.
Discussion about this post