රියැදුරු බලපත් අපේක්ෂකයකු විසින් ඉල්ලුම් කරන ලද රියැදුරු බලපත්‍රය එක් දින සේවාව හෝ සාමාන්‍ය ආකාරයට ලබා ගැනීමේ දී එය මුද්‍රණය කර අවසන් වූ පසු අයදුම්කරුට දුරකතන කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ලබන ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට වේරහැර රියැදුරු බලපත් කාර්යාලය විසින් පියවර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිටි හැටියේ වේරහැර රියැදුරු බලපත් කාර්යාලයට පිවිස එතුළ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවේ රියැදුරු බලපත් ලබා දෙන තෙක් එහි සිටි අයදුම්කරුවන් විසින් මෙසේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලැබිණි. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද අදහස් පළ කර තවත් මේ ආයතනයේ කටයුතු පහසුවෙන් කර ගෙන මහජනතාවට උසස් සේවයක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබා දී තිබුණි. ඒ අතර එම කාර්යාලයේ ඇති දුර්වලතා නැවත සකස් කර ගැනීමට මාසයක කාලයක් ලබා දුන් අතර, එම වේරහැර කාර්යාලයේ ප්‍රධානි සහකාර කොමසාරිස් සමන්ති මිහිදුකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෙසු නිලධාරීන් ද කැඳවා සාකච්ඡාවක් පවත්වා මෙහි ඇති සියලු අඩු පාඩු සොයා බලා සකස් කිරීමට අවශ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබිණි.
ඒ අනුව මේ වැඩපිළිවෙළ ලබන ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට දුරකතන ආයතන හා සම්බන්ධ වී කඩිනම් පියවර ගෙන ඇති බව හෙළිදරව් විය.
මේ අනුව දිනකට වේරහැර කාර්යාලයට පැමිණ රියැදුරු බලපත් අයදුම් කරන පිරිසට අමතරව දිවයින පුරා කච්චේරිවලින් රියැදුරු බලපත් අයදුම්කරුවන් ද ඇතුළත්ව දෙතුන් දහසක පිරිසක් රියැදුරු බලපත් ඉල්ලා සිටිති. එක් දින සේවාව වේරහැර කාර්යාලයෙන් ප්‍රායෝගික පුහුණුව සඳහා ඉදිරිපත් වන පිරිසට පමණක් හිමි වෙයි. සෙසු පළාත්වලින් අයදුම් කරන පිරිසට මාසයක පමණ කාලයක් තුළ රියැදුරු බලපත්‍රය තැපැල් මගින් ලබා දෙනු ලබයි. මේ කුමන ක්‍රමය මත හෝ වේවා මේ කෙටි පණිවිඩ සේවාව හරහා අයදුම්කරුවන් දැනුවත් කර එය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සිදු කරනු ලබයි.
මීට අමතරව රියැදුරු බලපත් අලුත් කිරීම, භාවිතයට ගත නොහැකි රියැදුරු බලපත් නැවත සකස් කිරීම, නැති වූ රියැදුරු බලපත් වෙනුවට වෙනත් රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ඇතුළු රියැදුරු බලපත් හා සම්බන්ධ විවිධ ගැටලුවල දී නව රියැදුරු බලපත් නිකුත් කෙරෙන අතර, ඒ සෑම රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේදීම මේ කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙයි.
Discussion about this post