ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් එකට එක්ව සහභාගි වී පවත්වනු ලබන ලොව විශාලතම නිවුන් හමුව පවත්වා එහි ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ශ්‍රී ලංකා නිවුන් සංගමය මේ දිනවල ලහි ලහියේ සූදානම් වේ.
ජනවාරි 20 වන දින උදේ 10.00ට කොළඹ 14 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා වන නිවුන්නු ගණනය කිරීමේ කටයුතු ආරම්භ වන අතර එම ගණනය කිරීම් කටයුතු සවස 2.00ට අවසන් වේ.
ඉන්පසුව සවස 4.00ට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිවුන් සංස්කෘතික උළෙල ආරම්භ කිරීමට නියමිතව ඇත.
Discussion about this post