සිය අවසන් රාජකීය රාජකාරියද අවසන් කළ හැරී කුමරු නව ජීවිතය ඇරඹීම සඳහා වැන්කුවර් වෙත පැමිණෙද්දී මේගන් සිය සිඟිති පුතු සහ සුරතලුන් සමග වැන්කුවර් හි හොර්ත්හිල් උද්‍යානයේ නිදහසේ ඇවිද යන අවස්තාව ඡායාරූප ගත කර තිබිණි.
සති දෙකකට ආසන්න කාලයක් මේගන් හා ආර්චි පුතණුවන් ගෙන් ඈත්ව සිටි හැරී කුමරු කැනඩාවට ගොඩ බැස්සේ බොයිං 747 යානයේ පසුපස පියගැට පෙළෙනි. ඔහු පිළිගැනීමට මේගන් ගුවන්තොටුපොලේ රැඳී සිටි බව වාර්තා නොවේ.
බකිංග්හැම් මාලිගයේ සහෝදර විලියම් කුමරුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පැවැත්වෙන උත්සවයද හැරී කුමරුට මේ අයුරින් මග හැරිණි. එක්සත් රාජධානිය හා අප්‍රිකානු ආයෝජන සමුළුව සඳහා රැජින හෝ චාර්ල්ස් කුමරු සහභාගි නොවන අතර ඒ වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගි වූ විලියම්- කේට් යුවළ සමග එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය, ඈන් කුමරිය විසින් අප්‍රිකානු නියෝජිතයින් 21 දෙනා පිළිගනු ලැබීය.
Discussion about this post