දැඩි උදරයේ වේදනාවක් බව පවසමින් 22 දින අලුයම මාතර මහ රෝහලට ඇතුලත්වූ තරුණයෙකුට දරුවෙක් ලැබීමේ පුවතක් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල් තොරතුරු වලට අනුව සිදුවීම මෙසේ විය. 22 දින රාත්‍රියේ තරුණයකු දැඩි උදරයේ අමාරුවක් ඇතිවී රෝහලට ඇතුලත්ව ඇත. පිරිමි නමකින් ඇතුලත්ව ඇති මෙම තැනැත්තා 26 වැනි වියේ පසුවූ අතර ජාතික හැඳුණුම් පත් අංකය ඇතුළු සියළු තොරතුරු ලබාදී ඇත්තේ පිරිමි වෙසින්ය.
රෝහලට ඇතුලත්වීමට පැමිණි තැනැත්තා රෝගීන් ඇතුලත්කර ගැනීමේ අංශයේදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර ලියාපඳිංචියෙන් පසු පිරිමි වාට්ටුවක්වූ 11 වාට්ටුවට යවා ඇත. රාත්‍රියේ උදරයේ වේදනාව වැඩිවූයෙන් ඒ පිලිබඳ පරීක්ෂා කළ වෛද්‍යවරු හඳුනාගෙන ඇත්තේ අදාල පුද්ගලයා පිරිමි වෙසින් පෙනී සිටින කාන්තාවක් බවය. දරු ප්‍රසූතියක් සදහා සූදානමක් පවතින බව නිරීක්ෂණය වුයෙන් ප්‍රසූත වාට්ටුවක්වූ 23 වාට්ටුවට මාරුකර ඇත. එහිදී දරු ප්‍රසූත අවස්ථාවක් එළඹි හෙයින් වහා දරු ප්‍රසූත කාමරය වෙත යවා ඇති අතර එහිදී පිරිමි දරුවකු ප්‍රසූත කර ඇත.
මාතර මහ රෝහලේ පොලීසිය පැවසූවේ පිරිමියකු ලෙසින් මෙලෙස පෙනී සිට ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් ත්‍රී රෝද රථ රියදුරකු ලෙසින් සේවය කර ඇති බවත්ය. මේ පිළිබඳව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය ප්‍රකාශ කළේ සිද්ධිය සත්‍යමුත් තම අනන්‍යතාවයත් ආරක්ෂාවත් වෙනුවෙන් කටයුතු කරන ලෙස අදාල තැනැත්තිය ලිඛිත ඉල්ලීමක් කර ඇති බැවින් වෙනත් තොරතුරක් පැවසිය නොහැකි බවයි.
Discussion about this post