කොරෝනා නිරෝධායන ක්‍රියාවලිය දෝෂදර්ශනයට ලක්කරමින් සමාජ ජාලා ඔස්සේ වීඩියෝවක් ප්‍රචාරය කරන ලදැයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංගීත ශිල්පියකු ලබන 17 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ අංගොඩ, කැලණිමුල්ල, ලිහිණියාවත්ත පදිංචි හර්ෂණ ශාමින්ද පෙරේරා නමැති අයෙකි.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොරෝනා වෛරස් රෝගය පිළිබඳ අසත්‍ය තොරතුරු සහ නිරෝධායන ක්‍රියාවලිය දෝෂදර්ශනයට ලක්කරමින් ප්‍රචාරයන් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් මේ වන විට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Discussion about this post