ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තමා රෝගී වී ඇති බව මැඩෝනා ප්‍රකාශ කර තිබේ.
‘නිරෝධායන දින පොත’ නමින් හුදෙකලාව ගතකරන කාලය පිළිබඳව දෛනිකව වීඩියෝවක් බැගින් නිකුත් කරන මැඩෝනා විසින් අවසන්වරට නිකුත් කළ වීඩියෝවෙන් තමා ආසාදිතයකු බව අනාවරණය කරන ලදී.
පසුගිය දිනෙක කරන ලද පරීක්ෂණයකින් ආසාදිතයකු බව දැනගත්තෙමි. ඉතිං හෙට සිට මම දිගු ගමනකට සූදානම් වෙමි. මම දැන් කොවිඩ් – 19 වාතය ආශ්වාස කරමි.
කෙසේ වෙතත් හිරු බැබළෙනු ඇතැයි මම අපේක්ෂා කරමි’’ යනුවෙන් මැඩෝනා කියා තිබිණි.
Discussion about this post