ඕනෑම මැතිවරණයකදී ඡන්ද ඔට්ටු ඇල්ලීම සාමාන්‍ය සිරිතකි. ඒ අතර අරුම පුදුම ඡන්ද ඔට්ටුද වේ. මේ එවන් ඡන්ද ඔට්ටුවකි.
දෙදෙනා මිතුරන් වුවද සිටියේ දේශපාලන කඳවුරු දෙකකය. එක් අයකු පොදුජන පෙරමුණේ ආධාරකරුවකු වන අතර, අනෙක් තැනැත්තා උදව් කළේ සමගි ජන බලවේගයටය.
ඡන්ද උණුසුම ළංවත්ම ප්‍රදේශයේ කීප දෙනකු ඡන්ද ඔට්ටු අල්ලන්නට සූදානම් වූයේ දැඩි උනන්දුවකිනි. මේ මිතුරන් දෙදෙනාද වෙනස්ම ඔට්ටුවක් ඇල්ලීමට එකඟතාවකට ආහ. ඔට්ටුව පරාජිතයා කිලෝමීටර් 16ක් වත්තල සිට සීදූවටත්, යළි සීදූවේ සිට වත්තලටත් යට ඇඳුම පිටින් දිවීමය. නිකම්ම නොව හිස බූ ගාගෙනය.
අවසානයේ පොහොට්ටුවේ ආධාරකරුවා ජයගත්තේය. ඔට්ටුව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයේම පිරිස එක්රැස් වී සිටි අතර ජයග්‍රාහකයාට තම මිතුරා ගැන ඇතිවූයේ කිසියම් අනුකම්පාවකි. ඔහු ඔට්ටුව සංශෝධනය කර තම මිතුරාට ජාඇළ නගරයට පමණක් ගොස් පැමිණෙන ලෙස පැවසීය. එතෙක් කනගාටුවෙන් සිටි පරාජිතයාට එවදන් මඳ අස්වැසිල්ලක් වූයේ කිලෝමීටර් ගණනාවකින් එම දුර අඩුවූ නිසාවෙනි.
Discussion about this post