ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්රදානය කර ඇත.
01.හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
02.හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03.යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04.රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05.සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06.ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07.යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
08.සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09.කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10.රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11.රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12.රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13.මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14.අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික
ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් අතර වේ.
නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්රහණයන් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.
Discussion about this post