මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනකු පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව තිබේ.
මෙම දරුවන්ට නිදහස ලබා දීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අගමැතිවරයා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබේ.
ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරේ බන්ධනාගාර ගත වූ මව්වරුන්ගේ දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මේ වන විට මව්වරුන් භාරයේ රඳවා තබා ඇත. එම දරුවෝ 46 දෙනාම අවුරුදු පහට අඩු අය වෙති.
එම දරුවන්ට නිදහස ලබා දීමට අදාළ නෛතික පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරන බව සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය ප්‍රකාශ කර සිටී.
කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටියේ මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය බවයි. ඊට අදාළ තොරතුරු කඩිනමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට ලබා දෙන බව තුෂාර උපුල්දෙණිය දැනුම් දී ඇත.
Discussion about this post