වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල පසුගියදා කම්පන තත්ත්වයන් ඇති වූයේ භූ කම්පනවල බලපෑමෙන් නොවන බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද භූ විද්‍යාඥයන්ගේ වාර්තාවෙන් අනාවරණය වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල පවසයි.
වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවලින් රිච්ටර් පරිමාණ දෙකකට වඩා අඩු විශාලත්වයේ කම්පන 02ක් පසුගියදා වාර්තා විය. ජලාශය ආශ්‍රිත ඩොලමයිට් අඩංගු තීරුවේ නැමි සහ දුර්වල පෘෂ්ටයන් සහිත ස්ථානවල ආතතිය නිදහස්වීම නිසා චලන තත්ත්වයන් වාර්තාවී ඇතැයිද සභාපතිවරයා කීවේය.
ඉදිරියේදී ද මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවද සභාපතිවරයා කියයි. ලෝකය පුරා රිච්ටර් පරිමාණ 2ට වැඩි, අඩු කම්පන තත්ත්වයන් වසරකට ලක්ෂ 03කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.
Discussion about this post