2024 දී නැවතත් සඳ තරණය කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. එම ව්‍යපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 28ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.
අර්ටෙමිස් නමින් හඳුන්වා ඇති එම වැඩසටහන මගින් කාන්තාවක් සහ පුරුෂයෙක් සඳට යැවීමට නාසා ආයතනය සැලසුම් කර තිබේ. 1972න් පසු සඳ මත ගොඩබසින ප්‍රථම අවස්ථාව එය වනු ඇත.
නමුත් එම ක්‍රියාවලිය ඇරඹීමට නම් කොංග්‍රසය විසින් ඩොලර් බිලියන 3.2ක් නිදහස් කළ යුතුය. ඒ, ගොඩබෑම සඳහා සුදුසු පද්ධතියක් නිර්මාණය කිරීමටය.
ඇපලෝ යානය හා සමාන කැප්සියුලයක ගගනගාමීන් ගමන් කිරීමට නියමිත අතර එම කැප්සියුලය ඔරියන් නමින් හඳුන්වන අතර එය දියත් කිරීමට අධිබලැති SLS නම් රොකට්ටුවක් භාවිත කෙරෙනු ඇත.
Discussion about this post