මෙරට ජනප‍්‍රිය නළු නිළියන් සහ ගායක ගායිකාවන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ නුදුරු දිනයකදීම මෙයට සම්බන්ධ සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන බවයි. මේ දිනවල අසල්වැසි ඉන්දියාවේද ජනප‍්‍රිය නළු නිළියන් කිහිපදෙනකුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
පසුගිය දිනවල මත්කුඩු සමග සහ ඒවා භාවිත කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ නළු නිළියෝ රැසක් සිටිති. මාකඳුරේ මධුෂ් සහ දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමගද සම්බන්ධතා පැවැත්වූ නළු නිළියන් සහ ගායක ගායිකාවන් පිරිසක් සිටින බව සොයාගෙන තිබේ. ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු දැන් ආරම්භ වී තිබේ.
එලෙසම තම ජනප‍්‍රියභාවය උපයෝගි කරගනිමින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී මත්කුඩු ජාවාරමට සෘජුව සහ වක‍්‍රව සම්බන්ධ වූ කලාකරුවන් පිරිසක් ගැනද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
Discussion about this post