17ත් හැවිරිදි මැකී කියුරීන් සුවිශේෂී තරුණියකි. ඇයගේ සම්පූර්ණ උසින් 60%ක්ම අයත් වන්නේ පාද සඳහා ය.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත්වන ඇය ගිනස් වාර්තා දෙකකට හිමිකම් කියන්නීය.
ඉන් එක් වාර්තාවක් වන්නේ, දිගම පාද හිමි කාන්තාව ඇය වීමය. දෙවැනි වාර්තාව වන්නේ, දිගම පාද සහිත යෞවනිය ඇය වීමය.
කියුරීන් ගේ පාද අඟල් 53ක් පමණ දිගින් යුක්තය. ගිනස් වාර්තා පොතට අනුව ඇයගේ දකුණු පාදය වම් පාදයට වඩා තරමක් දිගින් අඩුය. එය අඟල් 52.874කි.
ඇයගේ උසට ප්‍රවේණික සම්බන්ධයක් ඇති බව පෙනේ. කියුරීන් අඩි 6යි අඟල් 10ක් උසය. ඇයගේ පියාගේ උස අඩි 6යි අඟල් 5කි. සහෝදරයා අඩි 6යි අඟල් 4ක් උස වන අතර ඇයගේ මව අඩි 5 යි අඟල් 7කි.
Discussion about this post