ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන සියල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කිරීම සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියමාර්ග රැසක් ක්‍රියාත්මක වේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ස්ථාපනය කළ ජෛව ආරක්ෂිත පරිසරය සඳහා සෑම කණ්ඩායමක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙක් හා අධීක්ෂණ කටයුතු සඳහා යුද හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකු බැගින් යෙදවීමට නියමිතය.
තරගාවලියට එක්වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ. එහිදී ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට එක්වන සෑම විදෙස් ක්‍රීඩකයෙකුටම පැය 72ක පරතරයකින් යුතු වු PCR පරීක්ෂණ 2ක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ, අනතුරුව මෙරටදී නැවතත් PCR පරීක්ෂණයකට මුහුණදිය යුතුය. ඒ අනුව තරගාවලියට පැමිණෙන ක්‍රීඩකයින් සමස්ත තරගාවලිය පුරාම PCR පරීක්ෂණ 10කට මුහුණදිය යුතුය.
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා සමඟින් ග්‍රැහැම් ලැබ්රෝයි, වෙන්ඩෙල් ලැබ්රෝයි සහ මනෝජ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරයි. තරගාවලිය සඳහා ප්‍රවීන ජාත්‍යන්තර විනිසුරුවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර ඊට කුමාර් ධර්මසේන ද ඇතුළත් වේ.
මේ අතර පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වු ක්‍රිස් ගේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නම් කර තිබේ. එමෙන්ම තරගාවලියට එක්වීමට සිටි රවී බොපාරා ඉන් ඉවත්වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇත.
මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් එහි නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී පත් කිරීමට කටයුතු කර ඇති අතර උප නායකයා ලෙස භානුක රාජපක්ෂ නම් කර ඇති බවට ද වාර්තා වේ.
Discussion about this post