ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේ දී, ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා මහතා පවසයි. ඒ, ඔහුට ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන කමිටුව විසින් චෝදනා 3කට අදාළව වරදකරුවෙකු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයට අදාළවය.
මීට වසර දෙකකට පමණ පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ නුවන් සොයිසාට එරෙහිව චෝදනා එල්ල විය.
එහිදී නුවන් සොයිසාට එල්ල වු චෝදනා වුයේ, තරග පවාදීම හෝ උත්සහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයට බලපෑම් කිරීම සහ ඒ සඳහා ක්‍රීඩකයින්ට අනිසි ලෙස බලපෑම් කිරීම හෝ දිරි ගැන්වීමය.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන්ද නුවන් සොයිසාට චෝදනා එල්ල විය.
ඒ අනුව, නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නිවේදනය කළේය.
Discussion about this post