හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා මියගිය ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියෙගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වෙනිදා සිදුකර තිබේ.
ඒ, බුවනෝස් අයර්ස් නුවර ආසන්නයේ පිහිටි පුද්ගලික සුසාන භූමියකදීය.
“බෙල්ල විස්ටා” නම් සුසාන භූමියේ ඔහුගේ දෙමව්පියන්ගේ දේහ තැන්පත් කළ ස්ථානය අසලම දියෙගෝ මැරඩෝනාගේ දේහයද භූමදානය කර තිබේ.
ලෝක පාපන්දු ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙක් වන දියෙගෝ මැරඩෝනා පසුගිය අඟහරුවාදා මිය ගියේය.
මැරඩෝනාගේ මරණය හේතුවෙන් ආර්ජන්ටිනාවේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කළ අතර ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය බුවනෝස් අයර්ස් නුවර ජනාධිපති මන්දිරයේ ද තැන්පත් කර තිබුණි.
ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙන්ම ආර්ජන්ටිනා ජනපති ඇල්බටෝ ෆර්නැන්ඩස්ද මැරඩෝනාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
Discussion about this post