ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩුව මගින් අත්හිටුවීම හේතුවෙන් රජයට වූ බිලියන 31.8ක පාඩුව පිළිබඳ සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන තිබේ.
හිටපු අගවිනිසුරුවරයකු වන අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයෝ 06 දෙනෙක් ඇතුළත් වෙති.
01 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දුන් ආකාරයට 2012 වර්ෂයේ දී ආරම්භ කළ ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය 2015 බලයට පත් වූ යහපාලන ආණ්ඩුව මගින් සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවා ඇත. එම අත්හිටුවීම හේතුවෙන් අදාළ ඉදිකිරීම් සමාගම්වලට රුපියල් බිලියන 1.8ක වන්දි මුදලක් ගෙවීමට රජයට සිදුව ඇත. සිංගප්පූරුවේ මෙන්ම ශ්‍රී ලංකාවේද වාණිජ මහාධිකරණවලින් එම වන්දියට අදාළ නියෝග ලබාදී තිබේ.
එසේම 2016 වර්ෂයේදී රුපියල් බිලියන 30ක් පමණක් වැය කර අවසන් කිරීමට නියමිතව තිබූ එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති නව මුදල රුපියල් බිලියන 60ක් පමණ වේ. ඒ අනුව අදාළ ව්‍යාපෘති හේතුවෙන් රජයට රුපියල් බිලියන 31.8ක් වැයවී ඇතැයි ඇමැති උදය ගම්මන්පිල පැවසීය. මෙම පාඩුව සිදු කළ නිලධාරීන් පිළිබඳව විමර්ශන කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අදාළ කමිටුව පත් කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discussion about this post