වසර 30කට ආසන්න කාලයක් සිය පුතෙකු නිවස තුළ සිරකරගෙන සිටි බවට සැක කෙරෙන මවක පිළිබඳ පුවතක් ස්වීඩනයෙන් වාර්තා වේ.
මෙම පුත්‍රයා මේ වන විට 40 වැනි වියෙහි පසුවන අතර ඔහු වයස අවුරුදු 10-11 කාලයේ සිට මේ ආකාරයෙන් සිරකරුවකු ලෙස සිටින්නට ඇතැයි සැක කෙරේ. මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ 70 හැවිරිදි මව අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවීමෙන් පසුවය. එයින් පසු ඉහත කී පුද්ගලයාගේ සොහොයුරියක නිවසට පැමිණි අවස්ථාවේ සිය සොහොයුරා මේ ආකාරයෙන් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම සොහොයුරිය තරුණ වියේ සිටියදී පවුලෙන් වෙන්ව ගොස් ඇත.
තමා පසුගියදා නිවසට පැමිණි අවස්ථාවේ එය මුළුමනින්ම අඳුරින් යට වී තිබූ බවත්, මළ මුත්‍රා දුගඳින්ද, දුහුවිල්ලෙන්ද පිරී තිබූ බවත් ඇය මාධ්‍ය සමග පවසා තිබුණාය. කතා කළ විට නිවස තුළින් කිසිවකු පිළිතුරු නොදුන්නෙන් ඇය ඒ තුළ විපරම් කරමින් ඇවිදිමින් සිටිය දී මුළුතැන් ගෙයින් හඬක් ඇසී තිබිණි. එහි ගොස් බලද්දී සිය සොහොයුරා අඳුරු මුල්ලක ගුළි ගැසී වාඩි වී සිටින අයුරු ඇයට දැකගන්නට හැකි වී තිබේ. ඔහුගේ සිරුරෙහි බොහෝ තුවාල තිබූ බවද, ඔහු වෙතින් දැඩි දුගඳක් හැමූ බවද සොහොයුරිය සඳහන් කර තිබිණි.
Discussion about this post