කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිව තිබේ. පාර්ලිමේන්තු සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. එහිදී එම නම් සඳහා නිර්දේශ ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු සභා නියෝජිතයෙකු සඳහන් කළේය.
ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට, පොලිස් කොමිසමට, අල්ලස් කොමිසමට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සාමාජිකයින්ගේ නම් සඳහා නිර්දේශ ඉදිරිපත්ව තිබේ.
කෙසේවෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ සීමා නීර්ණය කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නම් සඳහා ඉදිරියේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම නියෝජිතයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතාත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටබැඳි මහතාත්, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාත්, අල්ලස් කොමිසම සඳහා විනිසුරු ඊවා වනසුන්දර මහත්මියත් නම් කරනු ලැබීය.
Discussion about this post