මෙරට විශාලතම ස්ථාවර ඉතිරිකිරීමේ තැන්පතුවක් හිමි පොලිස් ඉතිරිකිරීමේ සංගමයෙන් කනිෂ්ඨ නිලධාරීන්ට ලැබිය යුතු නිසි සුබසාධන කටයුතු සිදුනොවන බවට ඔවුහු චෝදනා කරති. මුදලින් රුපියල් කෝටි තුන්දහසකට හා දේපොළ කෝටි හත්සියයකට වඩා වත්කමක් ඇති එම අරමුදල මගින් එහි සාමාජිකයන් ලෙස බැඳෙන පොලිස්පතිවරයාගේ සිට පහළම නිලය වන කොස්තාපල් දක්වා සාමාජිකයින්ගේ ඉතිරිකිරීමේ මුදල්වලින් අරමුදල ගොඩනැගී ඇත.
එහි සාමාජික පොලිස් නිලධාරීන්ට ලබාදෙන ණය සඳහා 7%ක පොලියක් අය කර උපරිමය ලක්ෂ දහයක් දක්වා සහන ණය මුදලක් ලබා දෙන අතර එම පොලිය 4% දක්වා අඩු කර ණය මුදල ලක්ෂ විස්ස දක්වා වැඩි කරන ලෙස සාමාජිකයෝ ඉල්ලා සිටිති. සිය වැටුපෙන් ණය මුදල් හා පොලිය අඩු කර ගැනීමට හැකියාව ඇති නිසා එම සහනය ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
මීට අමතරව කොම්පඤ්ඤවීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව එම සංගමයේ ශාඛා අඩු කරමින් පළාත් මට්ටමින් හෝ ස්ථාපිත කරන්නේ නම් සේවා ලබා ගැනීමට පහසුවක් බව සාමාජිකයෝ කියති.
ඔවුන් චෝදනා කරන්නේ තම සාමාජික මුදල් රාජ්‍ය බැංකුවල ආයෝජනය කර විශාල ආදායමක් උපයන තැනක් බවට පොලිස් ඉතිරි කිරීමේ සංගමය පත්ව ඇති බවයි.
Discussion about this post