බ්‍රහස්පති සෙනසුරු එකිනෙක ළංවීම දැකබලා ගැනීමට 21 වැනිදා රාත්‍රියේ පැහැදිලිව දර්ශනය වූ ප්‍රදේශවල ජනතාවට හැකියාවක් ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරන අතර නමුත් රාත්‍රි 8 වනතුරුත් මෙය දැක බලාගත් ප්‍රදේශ ගැන වාර්තා වීමක් සිදුවුණේ නැතැයි මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙවැනි සිදුවීමක් එනම් බ්‍රහස්පති සෙනසුරු සමපාත වීම සිදු වන්නේ වසර විස්සකට වතාවක් වන අතර එය අවසන් වරට සිදුව තිබෙන්නේ 2000 වර්ෂයේ මැයි මාසයේදීය. නමුත් මෙවර සමපාත තත්ත්වයේ විශේෂත්වය වන්නේ මෙම ග්‍රහලෝක දෙක අංශක 0.1කටත් වඩා අඩු ප්‍රමාණයකින් එකිනෙකාට ළංවීමයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මෙසේ පැවසීය.
මෙය ලෝක වාසීන්ට වැදගත් අවස්ථාවක් වුණා. විශේෂයෙන් ලෝකයේ සියලුම රටවලට මෙය දර්ශනය වන්නට ඇතැයි බලාපොරොත්තු වුණා. ඒ වාගේම ශ්‍රී ලංකා වාසි බොහෝ දෙනෙක් ද වැඩි උනන්දුවක් දැක්වූවා.
Discussion about this post