උතුරු මැද පළාතේ ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට යළි හිස ඔසවා ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීමට උපදෙස් ලබාදීමේ අරමුණින් රුවන්ඩාවේ සිට මෙරටට පැමිණි පරීක්ෂණ කණඩායමක් අනුරාධපුරයේ නිරීක්ෂණයක නිරත විය. දළඹු මර්දනය සඳහා ඔවුන් යම් දියර වර්ගයක් ද ගෙනැවිත් තිබේ. කෙසේ වෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ, මෙම පරීක්ෂණ කණ්ඩායමට අදාළ දියරය මෙරට තුළ භාවිත කිරීමට තම දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.
2018 වසරේ අවසන් භාගයේ දී මෙරට ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් පැතිර ගිය සේනා දළඹු උවදුර පිළිබඳ පළමු වරට වාර්තා විය. බඩ ඉරිඟු වගාවට තර්ජනයක් වූ සේනා දළඹු උවදුර පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව බලධාරීන් සඳහන් කළේය.
අදාළ පරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ විශේෂ ගුවන් යානයකින් වන අතර ඔවුන් විසින් රසායනික ද්‍රාවණ ලීටර් 1000ක් පමණ රැගෙනවිත් තිබේ.
Discussion about this post