කොමර්ෂල් පොහොර සමාගම අහෝසි කර කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.
බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේදී 07 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.
කාබනික පොහොර අධිකාරිය ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුන ඇතුළත දී ඉදිරිපත් කරන බවද පැවසීය.
රටේ කාබනික පොහොර අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය වන්නේ සියයට එකක ප්‍රමාණයක් පමණක් බැවින් එය ඉදිරියේදී සියයට 70ක් දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වේ.
Discussion about this post