ලබන සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පත්වන නව නිලධාරී මණ්ඩලය සහ ආසන සංවිධායකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මාස හයක අධ්‍යයනයක් කිරීමටත් එහි දී වගකීම් පැහැර හරින්නන් හෙළිවුවහොත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමටත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන බදාදා පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. මෙහි දී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත් කරන අතර මහ ලේකම් ධුරයට පමණක් සුදුසු පුද්ගලයකු පත් කිරීමට නායකත්වයේ අවධානය යොමු වී ඇත. ආසන සංවිධායකවරුන්ද පත් කරන අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මාස හයක කාලයක් අධ්‍යයනය කරන ලෙස පක්ෂ නායකත්වය නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට දැනුම් දී තිබේ. වගකීම් නිසි පරිදි ඉටු කරන අයට ඉදිරියේ දී තවත් වගකීම් ලබා දීමට නියමිතය.
දිස්ත්‍රික් මට්ටමින් ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීමටද සැලසුම් කර ඇත. නව වසරේදී රජයට එරෙහි ජන බලයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.
පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන පුද්ගලයා පිළිබඳවද මෙහි දී අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත් වනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Discussion about this post