සේරුවාවිල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 84ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන දැවැන්ත තඹ නිධිය රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
මෙම තඹ නිධිය පිළිබඳව තොරතුරු රැසක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පසුගිය කාලයේ සිදු කරන ලද පර්‌යේෂණවලදී අනාවරණය කරගෙන ඇත. ඉදිරි දිනවලදී මෙම තඹ නිධිය පිළිබඳව පුළුල් වාර්තාවක් ජනාධිපතිවරයාට සහ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.
මෙම තඹ නිධිය පිළිබඳව කිසිදු රජයක් පසුගිය කාලයේ දී අවධානය යොමු කර නොමැති අතර කර්මාන්ත අමාත්‍යාංශය හරහා තාක්ෂණය හා පිරිස් බලය යොදාගෙන මෙම තඹ නිධිය රටේ සංවර්ධනයට යොදා ගැනීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
Discussion about this post