ඡන්ද හිමියෙකු ලෙස 2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව මේ මස 19 වැනිදාට පෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට හෝ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස එම කොමිෂන් සභාව ඉල්ලා සිටී.
2020 ඡන්ද හිමි නාමලේඛනය සඳහා නිර්දේශ වී තිබෙන නම් මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
යම් අයෙකුගේ නමක් අදාළ ලේඛනයට ඇතුළත් කිරීම සඳහා නිර්දේශ වී නොමැති නම් ඒ සම්බන්ධව ජනවාරි මස 19 වැනිදාට පෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මාර්ගයෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ 011- 2860031,011-2860032,011-2860033 යන දුරකථන අංකවලට ඇමතීමෙන් දැනුම්දිය හැකිය.
Discussion about this post