යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බැවින් එරටින් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.
යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් යැයි කී ඇමැතිවරයා මෙරට කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බවද පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග කියා සිටියේ අලුත්ම රොයිටර් වාර්තාව අනුව යුක්රේනයේ වසා දමා ඇත්තේ පාසල්, අවන්හල් සහ විශාල පිරිසක් සම්බන්ධ වන රැස්වීම් බවයි. මිලියන 41ක් වාසය කරන යුක්රේනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා ඇතැයි විදේශ වාර්තා පවසන බවත් ඇමැතිවරයා කියයි.
සංචාරක නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලයේ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්විය හැකිය. එමෙන්ම මෙම 21 වැනිදායින් පසු වාණිජ ගුවන් ගමන් සඳහා ද ගුවන් තොටුපළ විවෘත කෙරෙනු ඇතැයි පැවසේ. සෞඛ්‍ය බලධාරින් සකස් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුව ඕනෑම කෙනකුට සංචාරකයන් ගෙන්වීමටද හැකිය.
Discussion about this post