මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් ද මුදල් ඉල්ලා පොලිස් ස්ථාන අලුත්වැඩියා කර අර්ධ වාර්ෂික පරීක්ෂණ පවත්වන ක්‍රමවේදය මින් ඉදිරියට නවත්වන බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.
ඒ වෙනුවට පොලිස් දෙපාර්තමේන්තුව සතු මුදල්වලින්ම පොලිස් ස්ථානවල සියලු අඩුපාඩු කඩිනමින් සපුරාලීමට පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය. පොලිස් ස්ථානවල අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා තීන්ත ගා පිළිසකර කළද අභ්‍යන්තරයේ අඩුපාඩු රැසක් ඇතැයි හෙළිවන බව ඇමැතිවරයා කියයි.
එම අර්ධ වාර්ෂික පරීක්ෂණ සාද දමා කන්න බොන්න දෙන ක්‍රමවේදයක් තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මහජන ආරක්ෂක ඇමැතිවරයා මීගමුව පොලිස් කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකද නිරතවී තිබේ.
ඒ අනුව පොලිස් ස්ථානවල සියලු අඩුපාඩු දෙපාර්තමේන්තුව සතු මුදල්වලින්ම වහාම සකස් කිරීමට නියෝග කර ඇත.
Discussion about this post