මෙරට ඛනිජ සම්පත් පිළිබඳ සොයා බැලීම සඳහා ඉදිරියේදී ගුවන් සමීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත්, සේරුවාවිල සහ හලාවත, පනිරෙන්ඩාව ප්‍රදේශයේ පිහිටා තිබෙන ඛනිජ නිධි මගින් මෙරටට අවශ්‍ය යකඩ සහ තඹ අවශ්‍යතාව සපුරාගත හැකි බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ පැවසීය.
1971 වසරේ දී සේරුවාවිල වර්ග කිලෝමීටර් පහක භූමි ප්‍රදේශයක කරන ලද නිරීක්ෂණයකදී සියයට 40-50 ත් අතර ප්‍රමාණයක යකඩ සහ සියයට එකත් දෙකත් අතර ප්‍රමාණයක තඹ තිබෙන බවට අනාවරණය වූ බවද සභාපතිවරයා කීවේය.
සේරුවාවිල සහ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පවතින ඛනිජ සම්පත් පිළිබඳ කඩිනමින් සමීක්ෂණයක් සිදු කරන බවත්, එම ප්‍රදේශයේ ඛනිජ විහිදී තිබෙන කලාපය ඉක්මනින් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ගුවනින් ඛනිජ සම්පත් ගවේෂණයට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද සභාපතිවරයා කීවේය.
Discussion about this post