දීර්ඝ කාලයක් සාකච්ඡාවලට බඳුන් වූ මෙරට ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ස්වාභාවික වායු (LNG) බලාගාරය ඉදිකිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට රජය සූදානම් වේ.
පසුගිය සතියේ මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් සමග පැවැති ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙම අවසන් එකඟතාවට පැමිණි බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාවේ විශාලතම බලශක්ති ආයතනය වන ජාතික තාප විදුලිබල සංස්ථාව (NTPC) සහ ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලය එක්ව මෙම ඒකාබද්ධ සමාගම පිහිටුවීමට නියමිතය.
Discussion about this post