ඉන්දීය – ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණි. තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 407ක ඉල්ලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරඟය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 334ක් රැස්කර ගෙන සිටියේය.
හනුමන් විහාරි පන්දු 161කදී නොදැවී ලකුණු 23ක් ලබාගත් අතර රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 128කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 39කි. ඔවුන් දෙදෙනා කඩුල්ලේ එක්වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 272ක් ලබාසිටි අතර මෙම තරඟයෙන් ඉන්දියාව පරාජය වෙතැයි ක්‍රීඩා විචාරකයෝ අනුමාන කළහ. ඔවුන් දෙදෙනා පන්දු ඕවර 43ක් සිය කඩුලු රැකගැනීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා 52ක්, චේතෙශ්වර් පුජාරා 77ක් සහ රිශ්බා පාන්ට් ප්‍රවේගවත් ලකුණු 97ක් රැස්කළේය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 338ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 244ක් පමණි.
අනතුරුව සත්කාරක කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 312ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 407ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුණි.
Discussion about this post