කුලී පදනම මත වාහන ලබාගෙන ඒ සදහා ව්‍යාජ ලියකියවිලි සකස් කර එම වාහන අලෙවි කළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මුල්ලේරියව පොලීසිය විසින් මෙම වැටලීම සිදුකළ බවයි.
එහිදී රථ වාහන 17ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. එම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බව අජිත් රෝහණ මහතා පැවසීය. එම ඡාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
එම සැකකරුවන් විසින් වාහන කුලියට දෙන ස්ථාන කිහිපයකින් ව්‍යාජ ජාතික හැදුනුම්පත්, ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ ව්‍යාජ විදුලි බිල්පත් ලබාදී වාහන කුලියට ගෙන තිබේ. ඉන් අනතුරුව රථ වාහනවල එන්ජින් අංකය වෙනස් කර අලෙවි කර ඇති අතර, එලෙස අලෙවි කිරීමට නොහැකි වන මෝටර් රථ කැබලි වශයෙන් කොටස් කර අලෙවි කර ඇති බවට පොලීසිය විසින් තොතුරු අනාවරණය කරගෙන ඇත.
එම ජාවාරමේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කර දුන් බව කියන පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස කුලී පදනම මත දී වාහන නැති වූ අයෙක් වේ නම් ඔබේ වාහනය තිබේදැයි සොයා බැලීම සදහා මුල්ලේරියාව පොලිස් ස්ථානයට ගොස් සොයා බලන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
Discussion about this post