කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට විරෝධය පළකරමින් වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සමග එක්ව බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික සභාවක් පිහිටුවා ඇත.
මෙම සභාවට සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඇතුළු බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන එක්ව සිටී.
11 වැනිදා පස්වරුවේ කොළඹ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ජේ.එම්.සී. ශාලාවේ දී ‘‘නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව’’ ලෙස මෙම සංවිධානය පිහිටුවා ගනු ලැබුවේය.
මෙම අවස්ථාවට දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන යන හිමිවරුද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Discussion about this post