ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මාස තුනක් ඇතුළත ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමට ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ ජාතික ගොවි සම්මේලනයේ නියෝජිතයන්ගෙන් යුතු කමිටුවක් පත් කළ බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි/තාක්‍ෂණ) ආචාර්ය අජන්ත ද සිල්වා පැවැසීය.
පත් කළ කමිටුව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීම ආරම්භ කළ බව අතිරේක ලේකම්වරයා පැවැසීය. අනාගතයේදී සිදුවන ආණ්ඩු පෙරළි සමග වෙනස් නොවන ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමට පියවර ගෙන තිබේ.
රට හදන සෞභාග්‍ය දැක්මට අනුව මෙරටට ආනයනය කෙරෙන වගා කළ හැකි වගා කෙරෙහි ගොවි ජනතාව දිරි ගැන්වීමටද සැලසුම් සකස් කෙරෙති. කෘෂිකර්ම දැක්ම කෘෂිකර්මයේ දිශානතිය ඉහළ නැංවීම පොහොර සැපයීම සහ පාලනය භූමි පරිහරණය කෘෂි නිෂ්පාදනවල අගයදාමය ඉහළ නැංවීම සඳහා වන කරුණු ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කෙරෙනු ඇත.
Discussion about this post