ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ ආරම්භ විය. ඒ සඳහා වන අනුමැතිය හිමිවූ කොවිෂීල්ඩ් හා කොවැක්සීන් එන්නත් මෙම වැඩපිළිවෙල යටතේ ලබාදීමට නියමිතය. එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් හා හදිසි අංශ ඉලක්ක වී තිබේ. ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් වෙත එන්නත ලබාදීමට ඉන්දීය රජය සූදානමින් පසුවේ.
එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනු ඇත. මෙලෙස ලබන අගෝස්තු මාසය වනවිට මිලියන 300ක පිරිසකට එන්නත ලබාදීම ඉන්දීය රජයේ අපේක්ෂාවය.
රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන, පාසල්, විද්‍යාල, මංගල උත්සව ශාලා ඇතුලු තෝරාගත් ස්ථාන තුළ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවේ. ඒ ලක්ෂ 6 ඉක්මවූ පුහුණු නිලධාරීන් විසිනි. දින 28ක පරතයක් යටතේ එන්නතේ මාත්‍රා දෙකක් සෑම පුද්ගලයෙකු වෙතම ලබාදීමට නියමිතය.
කොවැක්සීන් එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළම සංවාදයක් ගොඩනැගී ඇති පසුබිමක එය නොතකා සිය එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගැනීම විශේෂත්වයකි.
Discussion about this post