මෙරට ක්‍රීඩා සඳහා ගැලපෙන ආකාරයේ ක්‍රමවේදයක් සහිත නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක් අතරතුරදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“ඇමතිවරයා විදියට නිලවරණවලට ඇඟිලි ගසන්න කිසිසේත් මට අයිතියක් නෑ. එය ස්වාධීනව ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළුව මොකද, ක්‍රිකට් කියන්නේ එක ක්‍රීඩාවක් විතරයි අපේ රටේ. ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළුව සියලුම ක්‍රීඩා සංගම් විනිවිඳභාවයකින් තමයි නිලවරණ පවත්වන්න ඕනේ. එම නිලවරණය පවත්වනවා වගෙම තමයි ඉදිරි කාලයේ දී මහේල ජයවර්ධන මැතිතුමත් ක්‍රීඩා කවුන්සිලයත් එක්ක අපි එකතු වෙලා ක්‍රීඩා පනතක් හදනවා. ඒ ක්‍රීඩා පනත හදනකොට ඒකට ජනතාවගේ අදහස් ගන්නවා, ක්‍රීඩකයන්ගේ අදහස් ගන්නවා. ඔය කියපු ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ අදහස් අපි ගන්නවා. ඒ අනුව මේ රටට අවේණික, 13 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හරියන විදියට තමයි. පළාත් සභා, පළාත් පාලන, මධ්‍යම ආණ්ඩුව ජනාධිපතිවරණය තියනවා වගේ තමයි ක්‍රීඩා සංගම් වල නිලවරණ තියන්නේ. ඒ ක්‍රමවේදයට ක්‍රීඩා නිලවරණ තියන්න බෑ. ක්‍රීඩාවට හරියන ආකාරයේ ක්‍රමවේදයක් අලුත් ක්‍රීඩා පනතින් හඳුන්වා දෙන්න ඕනේ”
Discussion about this post