මෙයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග ගුවන් මෙහෙයුම් කළ ජාත්‍යන්තර ගුවන් සමාගම් තිස්පහම යළිත් ගුවන් මෙහෙයුම් කිරීමට කිසිදු පැකිලීමකින් තොරව එකඟත්වය පළකර ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 21 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු පැවැසුවේ කොරෝනා වසංගතයට කලින් දෛනික ගුවන් මෙහෙයුම් 80 ක් කටුනායක ගුවන් තොටුපළ හරහා ධාවනය වූ බවත් නමුත් එවැනි ප්‍රමාණයක් එළැඹෙන මාස හයක කාලයක් ගතවන තුරු බලාපොරොත්තු විය නොහැකි බවය.
රජයේ ඉලක්කය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතයට පෙර සංචාරක කර්මාන්තය අත් කරගෙන තිබූ සාර්ථකත්වය වඩා වැඩි මට්ටමකට මෙවර ළඟාවීමට බවත් පළමු මාස හයෙන් පසු නැවතත් එම තත්ත්වය උදාකර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකාව සංචාරකයන්ට සුරක්ෂිත ගමනාන්තයක් බවත් ඔවුන්ගේ සුරක්ෂිත බව රැකීමට රජය මූලිකත්වය ගෙන කටයුතු කරන බවද ඔහු කීය
Discussion about this post